28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාවට ලකුණු 41ක ජයක්

ඉන්දියාවට ලකුණු 41ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ (12) පැවති තරගයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 213ක් පමණයි.

නායක රෝහිත් ශර්මා ලකුණු 53යි. ලෝකේෂ් රාහුල් ලකුණු 39ක් රැස් කළා. ඉෂන් ක්‍රිෂන් ලකුණු 33යි. විරාත් කෝලි ලකුණු 3කට දැවී ගියා. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 172ක් පමණයි.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42ක් ලබාගත්තේ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ද සමගින්. ධනංජය ද සිල්වා ලකුණු 41යි. කුල්දීප් යාදෙව් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳහෙලුවා.