29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉලන්තඩිය වෙරළෙන් බීඩි කොළ කිලෝ 2223ක් හමුවෙයි

ඉලන්තඩිය වෙරළෙන් බීඩි කොළ කිලෝ 2223ක් හමුවෙයි

පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ 2223ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් තම්බපන්නි නෞකාව විසින් ඊයේ (12) රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත්තේ.

එම වෙරළ ප්‍රදේශයේ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 70ක අසුරන ලද බීඩි කොළ කිලෝ 2223යි ග්‍රෑම් සියයක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භරයට ගෙන තිබෙනවා. ‍එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහිදී නාවික හමුදා භාරයට ගැනුණා.

නාවික හමුදා භාරයට ගත් යතුරු පැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.