33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ ටෙන්ඩර් 400ක් සංස්ථාවේ හිරවෙයි

ඖෂධ ටෙන්ඩර් 400ක් සංස්ථාවේ හිරවෙයි

සාමාන්‍ය පටිපාටිය යටතේ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් 400ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිරවී ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවකදීය.

2020 වර්ෂයේ සිට මේ දක්වා කැඳවන ලද ටෙන්ඩර් මෙලෙස සිරවී ඇති අතර ඇතැම් ටෙන්ඩර් වෛද්‍යවරුන්ගේ විද්‍යාතනවලින් මෙතෙක් අනුමැතිය ලබා නොදීම නිසා සිරවී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම පිළිකා ඖෂධ 72ක හිඟයක් පවතින අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට එහිදී තීන්දු කර තිබේ.