31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඖෂධ ටෙන්ඩර් 400ක් සංස්ථාවේ හිරවෙයි

ඖෂධ ටෙන්ඩර් 400ක් සංස්ථාවේ හිරවෙයි

සාමාන්‍ය පටිපාටිය යටතේ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් 400ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිරවී ඇති බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවකදීය.

2020 වර්ෂයේ සිට මේ දක්වා කැඳවන ලද ටෙන්ඩර් මෙලෙස සිරවී ඇති අතර ඇතැම් ටෙන්ඩර් වෛද්‍යවරුන්ගේ විද්‍යාතනවලින් මෙතෙක් අනුමැතිය ලබා නොදීම නිසා සිරවී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම පිළිකා ඖෂධ 72ක හිඟයක් පවතින අතර ඒවා කඩිනමින් මිලදී ගැනීමට එහිදී තීන්දු කර තිබේ.