25.6 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් බෙංගාලයේ මහ ඇමතිනි හමුවෙයි

ජනපති රනිල් බෙංගාලයේ මහ ඇමතිනි හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි (Mamata Banerjee) හමුවී තිබෙනවා.

ඩුබායිහිදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම හමුවේදී බටහිර බෙංගාල මහ ඇමතිනිය තම ප්‍රාන්තයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද ලබාදී ඇති බවයි.

ඩුබායි ගුවන් තොටුපළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී සිදුවූ මෙම හමුවේදී නොවැම්බර් මාසයේ පැවැත්වෙන රාජ්‍ය ව්‍යාපාරික සමුළුවට ආරාධනා කර තිබෙනවා.

මමතා බැනර්ජි ඩුබායි සහ ස්පාඤ්ඤයේ දින 12ක සංචාරයක නිරතව සිටින අතරවාරයේදී යි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී ඇත්තේ.

ජනපති රනිල් තමාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ද බැනර්ජි මහත්මිය සඳහන් කර තිබෙනවා.