― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsජනාධිපති ලේකම්වරයාගෙන් රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

ජනාධිපති ලේකම්වරයාගෙන් රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමිනුයි ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳ දැනුම් දී ඇත්තේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර දුරස්ථභාවයක් ඇති වී තිබෙනවා.

එසේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු ඇති වීම නිසා සංවර්ධන කටයුතුවලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන්ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර විධිමත් සම්බන්ධීකරණයක් සිදු කිරීමේ අරමුණ ඇතිවයි ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මින් ඉදිරියට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය සහිතව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය ලිපිය මඟින් වැඩිදුරටත් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.