― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අනතුරින් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු දෙක හමාරක් පමණ වයසැති දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බගවන්තලාව මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එම ත්‍රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර තුවාල ලබා ඇත්තේ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවායි.

අනතුරෙන් ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇති අතර මේ සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.