28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිදෙනෙක් රෝහලට යැවූ පානදුරේ අනියම් පෙම

තිදෙනෙක් රෝහලට යැවූ පානදුරේ අනියම් පෙම

පානදුර එකම පවුලේ තිදෙනෙකුට කිසියම් පුද්ගලයෙක් මන්නයකින් පහර දී ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා පානදුර සොයිසා පාරේ නිවසකට මන්නයක් රැගෙන පැමිණ ඇති අතර එම නිවසේ සිටි පියා, මව සහ දියණියට පහරදී බරපතළ තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් සැකකරු මෙම පහරදීමෙන් පසු මන්නය ද සමඟ පොලීසියට භාරවී ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනියම් සබඳතාවයක් මීට හේතු වී ඇති බවයි.

තුවාල ලැබූ තිදෙනා මේ වනවිට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.