27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව වැඩබලන අමාත්‍යවරු 04ක්

නව වැඩබලන අමාත්‍යවරු 04ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරය අතරතුර කාලයේදී ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.