― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsනාමල් නිදහස් වෙනවාද? නැද්ද? - තීරණය නොවැම්බර් 02

නාමල් නිදහස් වෙනවාද? නැද්ද? – තීරණය නොවැම්බර් 02

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

ඊට අදාළව නීතිඥවරයා විසින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබුවා.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේ ද ?නැද්ද? යන තීන්දුව නොවැම්බර් මස 02 ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.