23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනොමිලේ උපාධිය හදාරන්න බ්‍රිතාන්‍යයෙන් ශිෂ්‍යත්වයක්

නොමිලේ උපාධිය හදාරන්න බ්‍රිතාන්‍යයෙන් ශිෂ්‍යත්වයක්

විදේශීය සිසුන් වෙනුවෙන් ලබාදෙන Chevening ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ශ්‍රී ලාංකිකයන්ගෙන්ද අයැදුම්පත් කැඳවීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ.

ඒ අනුව chevening.org/apply ඔස්සේ මේ සඳහා අයැදුම් කිරීමේ හැකියාව පවතින අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මේ සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (12) ආරම්භ කළ බවයි.

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල 150කට අධික සංඛ්‍යාවක සුදුසුකම් ලත් ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීම සඳහා පූර්ණ මූල්‍යාධාර මේ හරහා ලබාදෙනු ලබන අතර මෙම ශිෂ්‍යත්ව සඳහා ගුවන් ගමන්, නවාතැන් සහ පාඨමාලා ගාස්තු සියල්ල සඳහා සම්පුර්ණයෙන්ම අරමුදල් සපයනු ලබයි.

Chevening ශිෂ්‍යත්ව වැඩසටහනට අනුව ඕනෑම එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව ලබා දෙන අතර Chevening ශිෂ්‍යත්ව මඟින් ලොව පුරා සිටින කැපී පෙනෙන නැඟී එන නායකයන්ට එක්සත් රාජධානියේ වසරක ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට මේ අනුව හැකියාව ලැබෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු [email protected] බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයීය නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.