26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයෙකුගේ දිවි තොරකළ අඹුසැමි යුවලක් ඇතුළු 5ක් අල්ලයි

පුද්ගලයෙකුගේ දිවි තොරකළ අඹුසැමි යුවලක් ඇතුළු 5ක් අල්ලයි

කාන්තාවක් සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගත් පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට එම කාන්තාව සහ ඇයගේ සැමියා ඇතුළු පස් දෙනෙකු සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුණු පොත හරහා හඳුනා ගෙන ඇති මෙම ඝාතනයට ලක්වූ විසි එක් හැවිරිදි පුද්ගලයා විසින් කාන්තාව සමග කෙටි පණිවිඩ හුවමාරු කරගෙන තිබූ බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 19 වැනි දින කාන්තාවගේ සැමියා ඇතුළු පිරිස මෙම තරුණයා පැහැරගෙන ගොස් පහර දී පමුණුවිල කනත්ත ඉදිරිපිට දමා ගොස් තිබෙනවා. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර සිටියදී මියගොස් තිබූ බව පොලිසිය අනාවරණය කරනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා විසි එක් හැවිරිදි බඹරගම පල්ලේබෝවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බව වාර්තා වෙනවා.