― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශ වලදී සිවිල්‌ ඇඳුමින්‌ පොලිස්‌ නිලධාරීන්‌ ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්‌ පුද්ගලයින්ගේ ගමන්මළු, වාහන, නිවාස, යතුරු පැදි ආදිය පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය යැයි පවසමින්‌ දේපල කොල්ලකෑම් සම්බන්ධ පැමිණිලි ගණනාවක්‌ දිවයිනේ විවිධ පොලිස්‌ ස්ථාන වෙත වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස්‌ ඒකකයන්හි නිලධාරීන්‌ හැර අන්‌ කිසිදු අවස්ථාවක පොලිස්‌ නිලධාරීන්‌ විසින්‌ එසේ සිවිල්‌ ඇදුමින්‌ පරීක්ෂා කිරීම්‌ සිදු නොකරන අතර එම විශේෂ අංශයන්හි නිලධාරීන්‌ විසින්‌ පරීක්ෂා කිරීමේදී ද ඔවුන්‌ විසින්‌ නිල රාජකාරී හැදුනුම්පත ඉදිරිපත්‌ කිරීමට කටයුතු කරනු ඇත.

පොලිස්‌ ස්ථාන නිලධාරීන්‌ විසින්‌ සිදු කරන වැටලීමකදී එම කණ්ඩායමේ නිලධාරියෙකු හෝ කිහිප දෙනෙකු නිල ඇදුමින්‌ සිටීමට කටයුතු කරනු ඇත.

මේ ආකාරයෙන්‌ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු නොකර එවැනි පරීක්ෂා කිරීමක්‌ සඳහා අවස්ථාවන්‌ ලබා නොදීමට කටයුතු කල යුතු අතර මෙවැනි අවස්ථාවන්‌ වලදී මහජනතාව විසින්‌ ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන මෙන්‌ පොලිසිය මහජනතාව වෙත දන්වා සිටී.

සැකකටයුතු අවස්ථාවන්‌ වලදී ඒ සම්බන්ධයෙන්‌ ආසන්නතම පොලිස්‌ ස්ථානය වෙත නොපමාව දැනුම්‌ දීමට කටයුතු කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.