― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සංශෝධනයක්

ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සංශෝධනයක්

ලබන 2024 වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම සාකච්ඡාවේදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට මෙන්ම එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.