27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසහරාන්ලා දන්නවා නම් ගෝඨාභයවත් බදාගෙනයි මැරෙන්නේ - හඳුන්නෙත්ති

සහරාන්ලා දන්නවා නම් ගෝඨාභයවත් බදාගෙනයි මැරෙන්නේ – හඳුන්නෙත්ති

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

නාමල් රාජපක්ෂට ජනතාවගේ ප්‍රශ්න ගැන ගැටළුවක් නෑ. සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න නෑ. මෛත්‍රීපාල බලන්නකෝ රූපවාහිනියට ආවම දෙන ජෝක්ස්. එයාලගේ පක්ෂ ගැටළු ගැන තමයි කතා කරන්නේ. රටේ ආර්ථිකය, ආහාර ගැටළු, ඖෂධ ගැටළු ඒවා ගැන කතා කරන්නේ නෑ.

මේ දවස්වල චැනල් ෆෝ එක ගෙනල්ලා අනිත් චැනල් වහලා, බඩු මිල චැනල් නෑ, ඉන්ධන චැනල් නෑ, බස් ගාස්තු චැනල් නෑ, මිනිස්සුන්ගේ ගැටළු ගැන කතා කරන්නේ නෑ. වෘත්තිකයෝ රට දාලා යන එක ගැන කතා කරන්නේ නෑ. චැනල් ෆෝ අල්ලගෙන දේශපාලන වශයෙන් එල්ලෙනවා, නාමල් රාජපක්ෂලාට එහෙම ඒවට හොද පිළිතුරු තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කවුරු හරි මරාගෙන මැරෙයිද අහනවා.

ඒ මැරුණ උන් දන්නවා නම් උන් මැරුණු එකෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා කියලා උන් තනියම මැරෙන්නේ නැ මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බදාගෙන. එහෙනම් රටට සෙතකුත් කරලා මැරෙන්නේ, ඒවා තමයි දේශපාලන උපක්‍රම කියන්නේ. දේශපාලන ගේම්, දේශපාලන ගේම් ගහලා පුරාජේරුත් කියනවා. එහෙම ජරා රටක් දැන් මේක, බලයට එන්න ජාති භේද ඇති කරලා, මජර දේශපාලනය භාවිතා කරලා, අඩුතරමේ ඒවා ගැන කිසිම කණගාටුවක් නෑ, ලැජ්ජාවක් නෑ, හෘද සාක්ෂියක් නෑ, ඒවා දිහා බලාගෙන හිනා වෙවී බලයේ ඉන්නවා අපූරුවට.