32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංගප්පූරුවෙන් ඔක්ටේන් 92 නැව් 04ක්

සිංගප්පූරුවෙන් ඔක්ටේන් 92 නැව් 04ක්

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 යූඑන්එල් වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම මිල දී ගැනීම දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවෙක් වන සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැඳවා ඇති බවත් ඒ සඳහා සමාගම් 04ක් ලංසු ඉදිරිපත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.