31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිසුවියන් 11කට හදි කළ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියන් 11කට හදි කළ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ මිශ්‍ර පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් 11 දෙනෙකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන එම පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකු වන අතර දෙමව්පියන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තම විෂය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය ස්පර්ශ කරමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

දිනපතා සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුවයි ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත්තේ.

අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට ද පැමිණිලි කර තිබුණා. එහෙත් ඔහු එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමාපියන් පිරිසකට එරෙහිව ද පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන්.

මෙම ගුරුවරයාගෙන් අතවරයට ලක්ව සිටින තවත් සිසුවියන් සිටීනම් ඒ සම්බන්ධයෙන් පැමිණ පැමිණිලි කරන ලෙසටයි පොලිසිය දෙමාපියන්ට දන්වා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.