25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙද සේවයට වහාම 1000ක් බඳවා ගනියි

හෙද සේවයට වහාම 1000ක් බඳවා ගනියි

හෙද සේවාවේ පවතින පුරප්පාඩු 1000ක් සඳහා වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට 3000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින අතර ඒ අනුව අනෙකුත් අවශ්‍ය බඳවාගැනීම්ද කඩිනමින් සිදු කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවඋඉ අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙලෙස පළමු වටයේදී බඳවා ගැනෙන පිරිසට අමතරව අනෙකුත් පුරප්පාඩු සඳහාද සිදු කිරීමට නියමිත බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබීම විශේෂත්වයකි.