12.5 C
London
Saturday, September 30, 2023

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව කල් යයි

2021 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේයි විභාගයට ගනු ලැබුවේ.

එහිදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියක් වශයෙන් යොදාගත් වීඩියෝ දර්ශනවලට අදාළව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රාදේශීය ප්‍රවෘත්ති) විමුක්ති කාරියවසම් සහ විමර්ශනවලට සහභාගී වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහ යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ තවත් එක් සාක්ෂියක් මෙහෙය වීමෙන් පසුව තමා පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 4 වන දා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේදී වෙළදසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අඩන්තේට්ටම් සිදු කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් ද නියම කර තිබුණා.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here