25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිකම දමා පලා ගිය ගෝඨා නැවත දේශපාලනයට එනවා කීම විහිලුවක්

ජනපතිකම දමා පලා ගිය ගෝඨා නැවත දේශපාලනයට එනවා කීම විහිලුවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධූරයට පත් කළ ද එතුමාට එය කරගත නොහැකි වූ බවත් තනතුරද දමා පලා ගිය එතුමා නැවත නැවතත් දේශපාලනයට එනවා යැයි පැවසීම විහිලුවක් බවයි.

ජනතාව ඝාතනය වීමට නොදී තනතුර හැර ගිය එතුමා නැවත දේශපාලනයට ඒමේ තත්ත්වයකට පත්වේ යැයි නොසිතන බවත් එතුමා නම්බුකාර ලෙස තනතුර හැර යාම පිළිබඳ ගෞරවයක් ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යැයි කීම හීනයක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.