28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙරම්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 1226ක්

ජෙරම්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 1226ක්

ෆාස්ටර් ජෙරම්ගේ සහ ඔහුගේ පෞද්ගලික ආයතනයේ ගිණුම් 12කට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) අධිකරණයට දැනුම් දී තිබේ.

ෆාස්ටර් ජෙරම්ගේ ඊට අදාල නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මේ බව කියා සිටියේ.

බුදු දහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ ජෙරොම් ප්‍රනාන්දුට අයත් කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති CCTV 267කට අදාලව දර්ශන පෞද්ගලික සන්නිවේදන ආයතනයකින් ඉල්ලා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) අධිකරණයට දැනුම් දුන්නේ.

මිරකල් ඩ්‍රෝම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 6100 ක් වැය කර ඇති බව අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවා.