ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය
ඊයේ (13) “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් මෙම නව පනත සකස් කළ බවයි.
ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා යම්කිසි සාධනීය මට්ටමකට මෙම නව පනත් කෙටුම්පත සකස් කර තිබෙන බවට්ය් අමාත්‍යාවරයා පැවසුවේ.