25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදැරිය ඝාතනය කළ මිත්තණිය ලියූ ලිපියක් පොලීසියට

දැරිය ඝාතනය කළ මිත්තණිය ලියූ ලිපියක් පොලීසියට

කෝපායි, තිරණවේලි ප්‍රදේශයේ ලැගුම්හලකදී සිදු වූ දැරියගේ මරණය, මිත්තනිය විසින් සිදුකළ ඝාතනයක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරිය මියගොස් සිටි කාමරයේ තිබී මිත්තනිය විසින් දෙමළ භාෂාවෙන් ලියන ලද ලිපියක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහි සඳහන්ව ඇත්තේ,

මට මැරෙන්න හිතෙනවා. මම මැරුණොත් මගේ මිණිබිරිය තනිවෙනවා. ඒ නිසා අපි දෙන්නාම මැරෙන්න තීරණය කළා. අපේ මරණවලට වෙන කවුරුත් වගකිව යුතු නෑ…” යනුවෙනි.

පසුගියදා කෝපායි, තිරණවේලි ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුළ තිබී 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හා ඒ අසළ තිබූ අනෙක් ඇඳ මත ඇයගේ මිත්තනිය ද සිහිසුන්ව සිටියදී සොයාගනු ලැබීය.

පොලීසිය වහාම මිත්තණියව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් රැඳීසිටි කාමරයෙන් දුගඳක් හමන බවට ලැගුම්හල් සේවකයින් විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි කාමරයේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මිත්තනිය විසින් දැරියට නිදිපෙති බීමට සලස්වා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඇය ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 63 හැවිරිදි මිත්තනිය පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මියගිය දැරියගේ සිරුර මේ වනවිට ඇගේ පියා වෙත භාරදී තිබේ.