29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිළධාරියෙකු සපා කෑ අයෙක් සොයා පරීක්ෂණ

පොලිස් නිළධාරියෙකු සපා කෑ අයෙක් සොයා පරීක්ෂණ

පොලිස් නිලධාරියකුගේ අත සපා කා පලාගිය පුද්ගලයකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව යාපනය පොලිසිය සඳහන් කළේ ය.

ඒ නල්ලූර් කෝවිල තුළ පැවැත්වෙන උත්සවයක් අතරතුර දී ය.

එහිදී කෝවිල තුළට පිවිසෙන මාර්ගය තේරු කරත්ත සඳහා පමණක් විවෘත කර තිබූ හෙයින් පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයෙන් හරවා යැවීමට උත්සාහ කර ඇත.

එයට කුපිත වූ යතුරුපැදිකරු නිලධාරියාගේ අත සපා කා නිලධාරියාට පහර දී පළා ගොස් තිබෙනවා.

එම පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.