24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක්

පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක්

කුරුණෑගල සිට හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති යතුරු පැදිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

14 වෙනිදා පෙරවරු 7.30 ට පමණ හලාවත – කුරුණෑගල මාර්ගයේ විලත්තව ප්‍රදේශයේදී ගල් ප්‍රහාරය එල්ල කිරීම සිදුවී ඇත.

ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වා මුවාවට හානි සිදුවී ඇති බව එහි රියදුරු ලෙස කටයුතු කර ඇති හලාවත – නැගෙනහිර කරවිටාගාරයේ පදිංචිකරුවෙකු වන රංකොත්පේඩිගේ අජිත් රූපසිංහ යන අය පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත.

ගල් ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.ගල් ප්‍රහාරය එල්ල කරන ලද්දේ කව්රුන් විසින්ද කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන් කටයුතු සිදුකරනු ලබයි.