30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් රනිල්ගෙන් මැතිවරණයක් ඉල්ලයි

බැසිල් රනිල්ගෙන් මැතිවරණයක් ඉල්ලයි

හැකි නම් මේ වනවිට කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්‍ෂ අතර පසුගියදා හමුවක් පැවති අතර එහිදීයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

එහිදී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එම පළාත් පාලන ඡන්ද විමසීමට විශාල අපේක්‍ෂකයන් පිරිසක් ඉදිරිපත් වූ බවත් මෙම ඡන්ද විමසීම කල් යාම නිසා එම පිරිසට විශාල අසාධාරණයක් සිදුව ඇති බවත්ය.

ඒ හේතුව නිසා එම අපේක්‍ෂකයන්ට තම ඡන්ද බල ප්‍රදේශවල වැඩකටයුතු කරගෙන යාම ද අපහසු වී ඇති අතර තම ඇතැම් රාජකාරි කටයුතුවලටද බාධා ඇති වී තිබෙන බව එම අපේක්‍ෂකයන් තමාට පවසා ඇතැයි ද එම නිසා මීට සාධනීය විසඳුමක් දෙන ලෙසත් බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරයාට පවසා තිබේ.