29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොවුන් දෙදෙනා අල්ලන්න මහජන සහය පතයි

මොවුන් දෙදෙනා අල්ලන්න මහජන සහය පතයි

ඉඩම් කට්ටි කර ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මහනුවර කටුගස්තොට පාරේ පිහිටි පුද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිඳ මෙම වංචාවට සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර යුවළ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 5කට අධික මුදලක් ව ංචා කිරීම සම්බන්ධයෙන් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණීලි 9ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ එගොඩහ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්සකුමාරි මෙම යුවළගේ නම් බව පොලිසිය අනාවරණ කළා.

මෙම දෙදෙනාගේ ඡායාරූප පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591045 අංකයෙන් මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 081 2222222 අංකයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.