25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියකු බය කළ නඩුවෙන් ලොහාන්ට ඇප

රැඳවියකු බය කළ නඩුවෙන් ලොහාන්ට ඇප

අනුරාධපුර බන්ධනාගාරයේදී රැඳවියකුට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් බිය ගැණ්වීමේ චෝදනාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ඇප ලබා දී තිබේ.

ඊට අදාළ නඩුව අද (14) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කළේ රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත‍්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ චෝදනා ලබා සිටියේය.