26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන් වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරගෙන යන බවට පොලීසියට ලද තොරතුරක් මත මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චිය, පුදුඅයියන්කුලම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගොස් සිටියදීයි අතුරුදන්ව ඇත්තේ.

මේ අතර ඔහුගේ මළ සිරුර පුදු අයියන්කුලම ප්‍රදේශයෙන් හමු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන චතුරංග නමැති අයෙකි. ඔහු කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන්ට බාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.