28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඒ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (14) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර රැසක් මේ වනවිට විකිණී අවසන් වී ඇති අතර C,D ඉහළ සහ පහළ කොටස්වල ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් වී ඇති බවත් මේ වනවිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ A කොටසේ ඉහළ සහ පහළ, B කොටසේ ඉහළ සහ පහළ, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ටිකට් පත් පමණක් බවත්ය.