― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSportඉන්දියාවට ලකුණු 266ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 266ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබාගත්තා.

නායක ශකිබ් අල් හසන් පන්දු 85කින් ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින්.

Towhid Hridoy ලකුණු 54යි. Nasum Ahmed ලකුණු 44ක් ලබා ගත්තා. Mahedi Hasan නොදැවී 29යි.

පන්දු යැවීමේදී Shardul Thakur බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් දවාගත් අතර Mohammed Shami කඩුලු 2ක් බිඳහෙලුවා.

ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.