30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඩ කාමරයකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

කඩ කාමරයකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

දොම්පේ පොලිස්‌ වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක්‌ තුළ කාන්තාවක්‌ මියගොස්‌ ඇති බවට දොම්පේ පොලිසියට ලද පණිවිඩයක්‌ මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක්‌ කුලියට ගෙන කිබූ පුද්ගලයෙකු විසින්‌ ඔහුගේ මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට (13) වන දින රාත්‍රී කාලයේ එහි නවාතැන්‌ ගැනීම සඳහා ලබා දී ඇත.

පසු දින පරික්ෂා කිරීමේදී නවාතැන්‌ ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ සැකකටයුතු ලෙස මියගොස්‌ සිට ඇති අතර අනෙක්‌ පුද්ගලයා සිද්ධියෙන්‌ පසු අතුරුදහන්ව ඇති බවට කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන්‌ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්‌වලදී අනාවරණය වී ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක්‌ පමණ වන අයෙක්. මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැත.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත. දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.