27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් අද ආර්ථිකය බංකොළොත්වීමට හේතු සොයන කමිටුව හමුවට

කබ්රාල් අද ආර්ථිකය බංකොළොත්වීමට හේතු සොයන කමිටුව හමුවට

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ආර්ථික බංකොළොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (15)කැඳවා තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සඳහන් කළේ ආර්ථිකය බංකොළොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු බදු අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙරට ආර්ථිකය බංකොළොත්වීමට බලපා ඇති බවට විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් ආදාළ වාර්තාවලින් පාර්ලිමේන්තු විහේෂ කාරක සභාවට පෙන්වා දී තිබේ.

ආර්ථිකය බංකොලොත්වීමට බලපෑ ඔවුන් පෙන්වා දුන් සෙසු කරුණු අතර
කොවිඩ් වසංගතයත් සමග ආර්ථික ක්‍රියාවලිය සංකෝචනය වීම, රජය අසීමිත ලෙස ස්වයිරී බැඳුම්කර නිකුත් කිරීම හා පරිභෝජන ආර්ථිකයකට හුරු වීම යන කාරණා ඇතුළත් ය.