25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 03ක රත්‍රං සමඟ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 03ක රත්‍රං සමඟ කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 37,275,985ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ 26 හැවිරිදි කාන්තාවක් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ඉන්දීය ජාතික කාන්තාවක්. ඇය ඊයේ (14) උදෑසන 08.45ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ රුපියල් 37,275,985ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ 26 හැවිරිදි කාන්තාවක් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ඉන්දීය ජාතික කාන්තාවක්. ඇය ඊයේ (14) උදෑසන 08.45ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම කාන්තාව විසින් රැගෙන විත් තිබූ විශාල රෙදිපිළි තොගයක් අඩංගු ගමන් මලු කීපයක් අතර පාර්සල් 08ක් ලෙස සකස් කර තිබූ රුපියල් 27,275,985ක් වටිනා කිලෝ1යි ග්‍රෑම් 748ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා තිබියදී යි හමුවී ඇත්තේ.

අනෙක් කාන්තාව කොළඹ ජම්පටා වීදියේ පදිංචි ව්‍යාපාරික කටයුතුවල නිරත 34 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය අද අලුයම 05.50ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ AI- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය රුපියල් කෝටියක් පමණ වටිනා ග්‍රෑම් 516යි මිලි ග්‍රෑම් 907ක් බරැති ස්වර්ණාභරණ තොගය ඇයගේ පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණ තිබූ බව සඳහන්.

මෙම කාන්තාවන් දෙදෙනාම කටුනායක ගුවන් තොටුපොළ රේගු කටයුතු ඇතුළු සියලු පරීක්ෂණ නිමවා ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

මේ වනවිට මෙම කාන්තාවන් දෙදෙනා සහ ඔවුන් ගෙන ආ ස්වර්ණාභරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා. ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.