28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෝර්දානයේ රැකියාවට යන කතුන්ට නව රක්ෂණයක්

ජෝර්දානයේ රැකියාවට යන කතුන්ට නව රක්ෂණයක්

ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රමික කාන්තාව බඳවා ගන්නා සේවා යෝජකයා විසින් අනිවාර්යෙන්ම මෙම රක්ෂණය ලබා ගෙන සිටිය යුතු බවත් රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහිදී ජෝර්දාන රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා 3 ක් අතරින් සුදුසු රක්ෂාවරණයක් තෝරා ගැනීමේ අවස්ථාව සැලසෙන අතර
ශ්‍රමිකයන් මියගිය හොත් සහ හදිසි අනතුරකින් පූර්ණ ලෙස අබාධ තත්ත්වයට පත් වුවහොත් එහි වන්දිය පිරිණැමෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.