29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශීය නිෂ්පාදිත් එන්නත් 08ක් ගැන නියෝගයක්

දේශීය නිෂ්පාදිත් එන්නත් 08ක් ගැන නියෝගයක්

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෞද්ගලික දේශීය සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝබර් මස 02 වනදා ගොනුකරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් ‘සුපරීක්ෂණ කාලයකට’ යටත් කළ යුතු වුවද මේ සඳහා අනුමැතිය ලබාදීමේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වාදෙයි.