26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජිත් හා මෛත්‍රී අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පූජිත් හා මෛත්‍රී අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු වගඋත්තරකරුවන් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මොවුන්ට නියෝග කළේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙසයි.

පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු මෝසමක් ගොනු කරමින් කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බැවින් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.