27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර තුළ සරම්ප පැතිර යාමේ අවදානමක්

බන්ධනාගාර තුළ සරම්ප පැතිර යාමේ අවදානමක්

දැනට බන්ධනාගාර තුළ පැතිර යන සරම්ප රෝගය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරියේදී එම තත්ත්වය තවත් උග්‍රවීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

එබැවින් එම එන්නත වහාම බන්ධනාගාර නිලධාරීන්ට සහ සිරකරුවන්ට ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

පසුගිය සති කිහිපය තුළ කොළඹ රැඳවුම් සහ වැලිකඩ බන්ධනාගාරවල සරම්ප රෝගය පැතිර යාමේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර රැඳවියන් සහ නිලධාරීන් 20 දෙනෙකුට පමණ රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ සමගම සරම්ප රෝගය බාහිර ප්‍රජාවටද පැතිර යාමේ අවදානමක් පවතින බවත් එම එන්නත නිලධාරීන්ට සහ සිරකරුවන්ට කඩිනමින් ලබාදීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.