25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලිබියාවේ ගංවතුරින් මියගිය ගණන 11000 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරින් මියගිය ගණන 11000 ඉක්මවයි

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අධික වර්ෂාවෙන් වේලි දෙකක් කැඩී යාමෙන් හට ගත් මහා ගංවතුරෙන් පසුව අතුරුදන් වුවන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ලිබියානු බලධාරීන් සඳහන් කළේ.

මෙම ජල ගැලීම හමුවේ තවත් පුද්ගලයින් 10,100ක් අතුරුදන්ව සිටින බව සහන කණ්ඩායමේ මහලේකම් මාරි එල්-ඩ්‍රෙස් ප්‍රකාශ කර තිබෙනවා.

ඩර්නා නගරයේ නගරාධිපති පවසන්නේ මියගිය සංඛ්‍යාව 20,000පමණ විය හැකි බවයි.

ගංවතුර සමග මුහුදට ගසාගෙන ගිය පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ මළ සිරුරු මේවන විටත් වෙරළට ගසා ගෙන එමින් පවතින බව ද සඳහන්.

අනතුරු ඇඟවීම් නිකුත් කළේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.