26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැටලීමකට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන්

කිලිනොච්චිය, පුදුඅයියන්කුලම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස අතුරුදන්වී ඇති බවයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) දහවල් කිලිනොච්චිය, පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගොස් ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී ක්‍රියාත්මක වු මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදන්වී ඇති අතර මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.