― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalවින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න චූදිතයින්ට දඬුවම් දෙන්න - හරීන් ජනපතිගෙන් ඉල්ලයි

වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න චූදිතයින්ට දඬුවම් දෙන්න – හරීන් ජනපතිගෙන් ඉල්ලයි

අවලාදවලට නොසැලෙමි.සත්‍ය වෙනුවෙන් නොවෙනස්ව පෙනීසිටිමි! පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්‍රණකාරී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් අප කම්පාවන අතර මේ ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත්,පාස්කු ප්‍රහාරයේ වේදනාබර මතකයන් දරාගෙන සිටින වින්දිතයින්ට කිසියම් පමණකින් හෝ සාධාරණය ඉටුවන්නේ  එවිට බවත් අප යළි යළිත් අවධාරණය කරමි.

◼️අප වත්මන් ජනාධිපතිවරයා සමග එක්වන විට ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රකාරව නැවත ජනාධිපතිතුමන්ට සිහිපත් කරන්නේ මේ පිළිබඳව කඩිනමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙලිදරව් කරන ලෙසට ය.ඒ උදෙසා කොන්දේසි විරහිතව මා පෙරමුණ ගන්නා බවද සිහිපත් කරන අතර මගේ දේශපාලනය තනතුරු,තාන්නමාන්න මත හෝ අවස්ථාවාදය මත ක්‍රියාත්මක නොවන්නක් බවද සිහිපත් කරමි.

◼️එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටිය දීම අදාල පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත් එය සාපයකට හේතු වන බවත් අප නොබියව ප්‍රකාශ කළ අතර ඔහු බලයෙන් පහ වී සිටින අදත් අපගේ ස්ථාවරය අංශු මාත්‍රයකින් හෝ නොවෙනස් බව නැවත අවධාරණය කරමි. අදාල චූදිතයින් සහ කුමන්ත්‍රණකරුවන් කුමන තරාතිරමක වුවද ඒකාන්තම හෙළිදරව් කොට ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුය.

◼️යම් යම් බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් තමන්ට අවශ්‍ය පරිදි විකෘතිකොට සැකසූ වීඩියෝවක කොටසක් උපුටාගෙන අපගේ ස්ථාවරය ප්‍රශ්න කරනු දක්නට ලැබෙන අතර ගරු සිරිල් ගාමිණී පියතුමන් ද එක්තරා යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්ව මා පිළිබඳව එවැනි ප්‍රකාශයක් කරනු දැකිය හැකිවිය. ඕනෑම කෙනෙකුට අදහස් දැක්වීමට ඇති අයිතියට අප ගරු කරන අතර එහෙත්,  සත්‍ය වෙනුවට විකෘතිය වෙනුවෙන් පෙනී සිටීම  පිළිබඳව කණගාටු වෙමි.විශේෂයෙන්ම ගරු කටයුතු සිරිල් ගාමිණී පියතුමන් වැනි උදාර චරිතයක් වෙතින් එවැන්නක් සිදුවීම අදහාගත නොහැකි තරම්ය. ආගමෙන් කියා දී ඇත්තේ සත්‍ය සහ මිනිසුන් අතර පාලමක් තැනීමට මිස අසත්‍ය සහ මිනිසුන් අතර පාලම් තැනීමට නොවේ.  එදත් අදත් හෙටත් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳව නොසැලී එකම මතයක හිඳිමින් අරගල කළ සහ කරන පුද්ගලයෙකු වන මාව දඩමීමා කරගනිමින් මෙලෙස අභූත ප්‍රහාර එල්ල කිරීම බලවත් ඛේදවාචකයකි. ◼️අසත්‍යයේ ඝෝෂාවන්ට සත්‍ය වසන් කළ නොහැකි බවත් සත්‍යයේ දැතිරෝද නොනැවතී කැරකෙන බවත් සිහිපත් කරමි. සත්‍ය උදෙසා පෙනී සිටීම කුමන අභියෝගයක් යටතේවත් වෙනස් නොවන බව මා යලිත් සිහිපත් කරමි. මා විනිශ්චය කිරීමේ බලය ඇත්තේ දෙවියන් වහන්සේට පමණි.ඒ නිසා  කතෝලිකයෙකු වශයෙන් සත්‍ය සිතින් සතුටු වෙමි.

හරින් ප්‍රනාන්දු  සංචාරක හා ඉඩම් අමාත්‍ය