28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙවිටියාගල කලුවා අත්අඩංගුවට

කෙවිටියාගල කලුවා අත්අඩංගුවට

ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ කෙවිටියාගල කලුවා නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පොල්ගම්පල, කෙවිටියාගල, මොරගල,මීගහතැන්න මෙන්ම පැලවත්ත ඇතුලු ප්‍රදේශවල දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මීගහතැන්න පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදීයි.

සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් මෙන්ම අයිස් සහ කේරළ ගංජා ද සොයාගෙන ඇතැයි සඳහන්.

29 හැවිරිදි සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අදාළ නඩු ද විභාග වෙමින් පවතිනවා.

සැකකරු දීර්ඝ කාලයක් පුරා ඉතා සූක්ෂමව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.