27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම ගැන සොයන්න කමිටුවක්

ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම ගැන සොයන්න කමිටුවක්

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු පිළිබඳ දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එහි දී තීරණය වී ඇත්තේ ග්‍රාම නිලධාරීන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය කළ යුතු බවයි.

ඒ අනුවයි අදාළ කමිටුව පත් කිරීමට තීරණය වී ඇත්තේ.

දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.