― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිවසක තනිව සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාගේ පහරදීමෙන් ජීවිතක්ෂයට

නිවසක තනිව සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාගේ පහරදීමෙන් ජීවිතක්ෂයට

කටුගස්තොට මැණික්කුඹුර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක තනිව සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඉදි කරමින් පවතින තෙමහල් නිවසේ සිටි 57 හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනය කර තිබියදී අද අලුයම කටුගස්තොට පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පවුලේ සියලු සාමාජිකයින් සමඟ විදේශතව සිට ඇති මෙම පුද්ගලයා දැනට මාස දෙකකට පමණ පෙර තනිවම පැමිණ නිවස ඉදි කිරීමේ කටයුතුවල නිරතව සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ පවුලේ සියලු දෙනා මේ වන විටත් විදෙස් රටක රැඳී සිටින බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම නිවසේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සේවයකට අයත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු වන පිය පුතු දෙපළක් ද මාරුවෙන් මාරුවට ආරක්ෂක කටයුතුවල නිරතවී තිබෙනවා.

නිවසේ ආරක්ෂාව සඳහා සිටි 33 හැවිරිදි පුද්ගලයා අද අළුයම කටුගස්තොට නගරයේදී විශාල මන්නා පිහියක්ද රැගෙන සැරිසරනු දැක ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසිය වෙත භාර දී ඇතැයි සඳහන්.

එම ආරක්ෂක නිලධාරියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

නිවෙස් හිමිකරු සිද්ධිය වූ ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.