24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම දැරිය දුටුවොත් පොලිසියට කියන්න

මෙම දැරිය දුටුවොත් පොලිසියට කියන්න

සිගමන් යැදිම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ වාසරික උත්සවයට පවුලේ අය සමඟ පැමිණ සිටි අවුරුදු 2ක කුඩා දැරියක් අතුරුදන්ව ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසනවා.

අදාළ දැරියගේ මව පවසා සිටින්නේ මෙම දරුවා එහි සිටි යාචක කාන්තාවක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි.

පොලිසිය සඳහන් කර සිටියේ දැරිය සිය මව, මිත්තනිය හා බාල සොහොයුරා සමඟ යාචක සේවයේ යෙදි සිට මුදල් එකතු කරමින් සිට ඇති බවයි.

මෙම පිරිස වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පැහැර ගත් බව කියන කාන්තාව මංඩකලපුවේ සිට පැමිණි අයෙක් බවයි වාතථා වී ඇත්තේ.

දැරියගේ මව මුදල් එක්රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවේ දී මඩකලපුවේ සිට පැමිණි බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටව ගොස් තිබෙනවා.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය පවසා සිටින්නේ දැරිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසයි.

යාපනය මුලස්ථානය පොලිසිය 021-2222222/ 021-3211257/071-8591329