32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය යළිත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළිත් එම දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුවයි.

කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව 2021 වසරේ ජනවාරි 01 වනදා සිට රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද හමුදාව වෙත භාරදී තිබුණා.

මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව රියදුරු බලපත්‍ර දසලක්ෂ විසි දෙදහස් හත්සිය හැට තුනක් මුද්‍රණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව දිවයින පුරා ඇති මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දහයේ සහ මාර්ග අපගත මධ්‍යස්ථාන 15ට අදාළ සියලුම රජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත එම දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත්තේ