― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටාට උදව් කළ බවට සැකපිට සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරීවරයා සීඅයිඩියෙන් ඉවතට

හරක් කටාට උදව් කළ බවට සැකපිට සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරීවරයා සීඅයිඩියෙන් ඉවතට

හරක් කටාට සහාය දුන් බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර ඇත.

මෙම සහකාර පොලිස් අධිකාරීවරයා හරක්කටා සමග රාත්‍රී කාලයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය පිලිබදව සාකච්ඡා කර ඇති බවට ආරංචි ලැබී ඇත.

තවද මෙම පොලිස් අධිකාරීවරයා ඉහළ නිලධාරීන්ට කතා කරමින් හරකකටාගේ විමර්ශනය තමා වෙත ලබාදෙන ලෙස දිගින් දිගටම බලපෑම් කර ඇති බවද පොලිසියයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හරක් කටා පැන යෑමට තැත් කල අවස්ථාවේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහය ලැබී ඇත්දැයි පිලිබදව විමර්ශනයක්ද සිදුකෙරෙමින් ඇත.

වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ කොට්ඨාශයෙන් ඉවත් කර තිබෙනවා