27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දු - පාකිස්තාන තරගයට අතිරේක දිනයක් ලබා දීම ගැන අර්ජුනගේ විරෝධය

ඉන්දු – පාකිස්තාන තරගයට අතිරේක දිනයක් ලබා දීම ගැන අර්ජුනගේ විරෝධය

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වෙනස් වූ තරග නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සිය අප්‍රසාදය පළ කරනවා බව ක්‍රික් ඉන්ෆෝ වෙත අදහස් දක්වමින් පවසනවා.

ඒ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්තාන තරගයට අතිරේක දිනයක් ලබාදීම හේතුවෙන්.

කෙසේ වෙතත් දින 18ක් පුරා පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (17) පැවැත්වෙනවා.

අවසන් සටහනට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සටන් වදින අතර ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ සිය කිරුළ රැක ගැනීමේ අරමුණින්.

මේ වනවිට 6 වරක් ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා පිල අවසන් වරට සිය මව්බිමේදී ආසියානු ක්‍රිකට් ශූරතාවක් දිනා ගත්තේ 2004 වසරේදීයි.