― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකෙත්තාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් – තරගය නරඹන්න තැන් දෙකක පුළුල් තිර...

කෙත්තාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් – තරගය නරඹන්න තැන් දෙකක පුළුල් තිර දෙකක් 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන අවසාන මහා තරගය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට වාහන නතරකිරීම සඳහා රථගාල් 10ක් පමණ වෙන්කර ඇති බවයි.

තැරව්කරුවන්ට හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකට මුදල් ගෙවීමකින් තොරව තොරව එම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන බව සඳහන් කළ ඔහු, ඇතැම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද සිදුකරන බවයි පැවසුවේ.

එමෙන්ම යම් ආකාරයකින් තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නොහැකි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර, පුළුල් තිර දෙකක් සවිකර ඇති බව ද දැනුම් දුන්නා.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12.00 සිට විවෘතව තබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.