― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට 

මසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට 

විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන්නේ.

රියැදුරන් 912 දෙනෙකු ද, අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.