28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය

මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය

මාතෘ හා ළමා සායන සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යංශය තීරණය කර තිබේ.

ඒ සඳහා මූලික දත්ත එක්රැස් කිරීම ඉදිරි මාසයේ දී සිදු කිරීමට නියමිත බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ.

මෙය ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය, කැනේඩියානු ආණ්ඩුවේ ප්‍රතිපාදන යෝජනා ක්‍රමයක් යටතේ සහ තවත් ආයතන කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර මෙම කෘතිම බුද්ධිය යොදා ගැනීමෙන් අනතුරුව එම කළලයට, මවට සහ දරුවාට පසු කාලීනව සිදු විය හැකි, සංකුලතා පුරෝකථනය කිරීමට ද හැකියාවක් ඇති බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කළේ ය.